Colombo Today Local News

ලීස් ගිවිසුම අවලංගු කිරීමෙන් පාඩුව කෝටි 1430ක් – ශ්‍රී ලංකන් ජනපති කොමිසමේදී හෙලිවෙයි

ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් අවලංගු කිරීමට වර්ෂ 2016 දී ගත් තීරණය නිසා දඩ මුදල් ගෙවීමට සිදුවීමෙන් අවසානයේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටි 1430 ක පාඩුවක් සිදුව ඇතැයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය කළමනාකරණ ප‍්‍රධානී යසන්ත දිසානායක මහතා ඊයේ (21 දා ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය.

 මෙය ඇමරිකානු ඩොලර් මිලියන 90.5 ක පාඩුවක් බවද සාක්ෂිකරු කීවේය.

 ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ නව ව්‍යාපාර සැලැස්ම අනුව මෙම ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් අවලංගු කිරීමට වර්ෂ 2016 දී තීරණය කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් කීවේය.

 වර්ෂ 2015 දී නව රජයක් බලයට පත්වීමෙන් පසුව සිදුවීම් ගණනාවක් වුණා. පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් අයවැයෙන් අනුමත කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 510 ක ප‍්‍රාග්ධනය අලූතින් සැපයීමේ මුදල් ප‍්‍රමාණයේ අවසන් කොටස ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ලබා දීම නව රජය ප‍්‍රතික්ෂේප කළා. ඒ නිසා 2015 වසරේදී රජයෙන් අපට ලැබීමට තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 125 ක් මුදල අපට ලැබුණේ නැහැ. අප ඒ මුදල් නව රජයෙන් ඉල්ලා සිටි විට නව ව්‍යාපාර සැලසුමක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවද යසන්ත දිසානායක මහතා කීවේය.

 ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් ඇති කර ගත්තේ වර්ෂ 2013 දී බවද ඒ කාලයේ මෙම ගුවන් සේවය පූර්ණ සේවා ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යාමට අදහස් කර තිබුණත් පසුව පත් වූ රජය මෙය වාණිජ පැත්තට මුල් තැන දීම සිදු කළ බවත් ඒ අනුව නව ව්‍යාපාර සැලසුම සකස් කළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. මේ අනුව 2015 දී නව රජය බලයට පත් වීමෙන් පසු ඇතැම් ගමනාන්ත වලට තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් ගමන් නතර කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.

 අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටියි.

 කොමිසම ඊයේ (21 දා උදේ 10.00ට පමණ කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Related posts

සිංහල නමකින් පෙනී සිටිමින් ජාතිවාදය ඇවිලවූ මුස්ලිම් සිසුවා රිමාන්ඩ්

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට භාර දෙයි

colombotoday

රට බෙදන්න කුමන්ත්‍රණය කරන හතර දෙනෙක් පාර්ලිමේන්තුවේ – හේමකුමාර හෙළි කරයි

colombotoday

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

colombotoday

එතනෝල් කාරයෝ ජාවාරම්කාරයෝ එක්ක ෆේස් ටූ ෆේස් හැප්පෙන්න මට ගිනි අවියක් ඕනමයි – රන්ජන්

colombotoday

සති අන්තයේ සියලු දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

colombotoday