Colombo Today Sports News

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබේ.

මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින තරග වලින්ද, ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව විස්සයි 20 තරග වලින්ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට අදහස් කරන බව ඊයේ දකුණු අප්‍රිකාවේදී පැවැති විස්සයි 20 තරඟයෙන් අනතුරුව පැවසීය.

තිස්පස් හැවිරිදි මාලිංග මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 218 කට සභාගිවී කඩුලු 322 ක් බිඳහෙළා ඇති අතර විස්සයි20 තරග 72 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 97 කි.

Related posts

ඉන්දියාවේ තණතීරු ගැන ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංගෙන් චෝදනා

colombotoday

ශ්‍රේණිගත කිරීම් වලින් මහීෂ් උඩට

Admin

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

colombotoday

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

Admin