Colombo Today Local News

ලන්ඩන් කොටි ඩයස්පෝරා ප‍්‍රධානියා කටුනායකදීම හරවා යවයි

ලන්ඩන් නුවර ප‍්‍රධානතම කොටි ඩයස්පෝරා ප‍්‍රධානියා වූ කවිරාජ් ශන්මුනාදන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ආපසු බි‍්‍රතාන්‍ය බලා පිටුවහල් කර ඇත. 

ශී‍්‍ර ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරමින් ලන්ඩන් නුවර විරෝධතා මෙහෙය වූයේ ද මොහු බව හෙළි වී තිබේ.

සිය ඥාතීන් බැලීමට යයි පවසමින් කටුනායක ගුවන් තොටුපළට පැමිණි කවිරාජ් නමැත්තා ශී‍්‍ර ලංකාව විසින් ඇතුළුවීම තහනම් කළ ලේඛනයට ඇතුළත් වී තිබිණි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ශී‍්‍ර ලාංකික හමුදා නිලධාරීන්ට එරෙහිව ලන්ඩන් නුවරදී උද්ඝෝෂණ මෙහෙයවා ඇත්තේ ද කවිරාජ් බව වැඩිදුරටත් හෙළි වී ඇත.

කටුනායක සිට ලන්ඩන් නුවරට පිටුවහල් කළ කවිරාජ් රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානයේ කි‍්‍රයාකාරියෙකි.

Related posts

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

Admin

කෘෂි රසායන සමාගමක් රජරට වකුගඩු රෝගීන් රවටා හොර කිරිපිටි විකුණයි.

colombotoday

ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් දොම්පෙන් අල්ලයි

colombotoday

කෝටි 12ක රන් තොගයක් රේගුවේදී අල්ලයි

Admin

මලික්-කබීර් බැදුම්කර මගඩියට සම්බන්ධ බව සාක්ෂීවලින් හෙළිවේ.. දඩුවම් නොදෙන්නේ ඇයි (Video)

colombotoday

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday