Colombo Today Local News

ලන්ච් ෂීට් වෙනුවට පරිසර හිතකාමී ආදේශකයක් අරන් විමල් හමුවට ආ තරුණ ව්‍යවසායිකාව !

පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි පහසු ආහාර අසුරනයක්  (Easy Food Packet) නිපදවා ඇති තරුෂි විදුෂිකා රාජපක්ෂ තරුණ ව්‍යවසායිකාව අද පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වී තම නව නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස සහාය ඉල්ලා සිටියාය. 

රත්නපුර, ගෝනකුඹුර පදිංචි ඇය මේ වනවිටත් සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින්නියකි.

‘ලන්ච් ෂීට්‘ සඳහා ආදේශකයක් සේම ආහාර රැගෙන යන ප්ලාස්ටික් බදුනට ද ආදේශකයක් ලෙස ඇයගේ මෙම පහසු ආහාර අසුරනය යොදාගත හැකිය.

තරුෂි විදුෂිකාගේ නව නිපැයුම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වනු ලබන ‘සහසක් නිමැයුම් 2018‘ තරගාවලියේදී රන් පදක්කමත් සහ 2019 කොරියානු තරුණ ඔලිම්පියාඞ් තරගාවලියේදී රිදී පදක්කමක් ද දිනාගෙන ඇත. ‘ආහාර රැගෙන යන බදුනට සහ ලන්ච් ෂීට් එකට ආදේශකයක්’ වන අයගේ පරිසර හිතකාමි නව නිෂ්පාදනය දින 90ක කාලයක් සඳහා භාවිතා කළ හැකි අතර මිල රුපියල් 200.00 කි.

පාසල් දරුවන්, කාර්යාල සේවකයන් ඇතුළු පිරිස් වෙත මෙම නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව මෙහිදී ඇයට සුබ පතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Related posts

අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමඟ රටට ගමනක් නෑ

Admin

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

Admin

අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

colombotoday

රණ විරුවන්ට නඩු පැවරුවේ අපි නොවෙයි. අපි ඔවුන්ව එලියට ගන්නවා – ඇමති රාජිත කියයි

colombotoday