Colombo Today Local News

ඕස්ට්‍රේලියාවේදී ඇල්ලූ ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සැකකරුට නිදහස ඉල්ලා කොළඹ උද්ඝෝෂණ…

පසුගියදා ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ ISIS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ද යැයි පැවසෙන ශ්‍රී ලාංකිකයා නිදහස් කරන ලෙස ඉල්ලා අද කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.

මොහොමඩ් කමර් නිශාබ්දීන් නමැති මෙම පුද්ගලයා සතුව ඕට්‍රේලියාවේ හිටපු අගමැතිවරයා සහ විදේශ ඇමතිණිය ඝාතනය කිරීම, සිඩ්නි වරායට පහරදීම ඇතුළු ප්‍රහාර ගණනවක සැලසුම් තිබී ඇතැයි ඔස්ට්‍රේලියානු පොලිසිය හෙළිදරව් කරගෙන තිබිණි.

එම පුද්ගලයා මෙරට රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන ෆයිසර් මුස්තාපාගේ ඤාති පුත්‍රයෙක්ද වෙයි.

අද පැවති උද්ඝෝෂණයට මුස්ලිම් ජාතික සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් සහභාගී වී සිටි අතර, කතෝලික පූජකවරුන් සහ භික්ෂූන් වහන්සේ දෙදෙනෙකුද සහභාගි කරවාගෙන සිටියහ.

Related posts

මාර්ගයෙන් ඉවතට පැන්න ත්‍රීරෝද රථයේ සිටි මාස 9ක බිළිදෙක් මිය යයි

Admin

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රා. සභා සභාපති අත්අඩංගුවට

colombotoday

ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප – TNA ඒකාබද්ධ සන්ධානයක් ?

colombotoday

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

colombotoday

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

කාති උසාවිය අහෝසි කරන්න- විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

colombotoday