Colombo Today Local News

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

කොරෝනා තත්ත්වය අවසන් වන තුරු පැවැත්වෙන විවාහ මංගල උත්සව සදහා සහභාගී කරවා ගත හැක්කේ උත්සවය පැවැත්වෙන ශාලාවේ ධාරිතාවයෙන් 40%ක් පමණක් වන අතර සහභාගී වන උපරිම පිරිස 100කට සීමා කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්‍ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා පැවසීය.

ඒ අනුව 100 දෙනෙකුට උත්සවය පැවැත්වෙන ශාලාවට වඩා වැඩි පිරිසක් ඇතුළු කරගැනීම නීති විරෝධී බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේය.

එසේ 100 ක් සහභාගී කරවා ගැනීමේදීද ශාලාවේ ප‍්‍රමාණවත් ඉඩකඩක් තිබිය යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය.

යම් හෙයකින් උත්සවයට සහභාගී වූ අයකුට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වුවහොත් එයට එක්වූ පිරිස හදුනාගැනීමේ හා නිරෝධායන කටයුතුවලට යොමු කරවීමේ පහසුව සළකා මෙම පියවර ගත් බව ද වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා කීවේය.

නිරෝධායන පනතට අනුව නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ද හෙතෙම පැවසීය.

පවතින තත්ත්වය අනුව විවාහ උත්සව පැවැත්වීමේදී මතුවන ගැටලූ සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගෙන් විමසා කටයුතු කිරීම වැදගත් බව ද ඔහු කීවේය.

එමෙන්ම විවාහ උත්සව ආදී උත්සව පැවැත්වෙන ශාලාවල ගෘහ භාණ්ඩ පිරිසිදු කර විෂබීජහරණය කිරීම, ශාලාවට ඇතුළු වන ස්ථානයේ අමුත්තන්ට දෑත් සෙදීමේ පහසුකම් සැලසීම, එම ජලකරාම වැලමිටින් හෝ පාදයෙන් ක‍්‍රියා කරවිය හැකි ඒවාවීම, ශාලාවට ඇතුළුවීමට පෙර සියලූ අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්‍ෂා කිරීම, සියලූ අවස්ථාවලදී අමුත්තන් අතර මීටරයක පරතරයක් පවත්වා ගැනීම, උත්සව ශාලාව ප‍්‍රමාණවත් වාතාශ‍්‍රයක් ලැබෙන සේ සැකසීම, සිපගැනීම සහ අතට අතදීමෙන් වැළකීම, වීදුරු පිගන්, හැදි ආදිය අමුත්තන්ට හවුලේ භාවිතා කිරීමට නොදීම, ආහාර බුෆේ ආකාරයට ඇතිවිට ඒවා බෙදාදීම සදහා වෙනම සේවකයන් පත්කිරීම, කණ්ඩායම් වශයෙන් ඡායාරූප ගැනීමෙන් වැළකීම, උත්සවය අවසානයේදී ශාලාව පිරිසිදු කර විෂබීජහරණය කිරීම, අමුත්තන් ද නිවෙස්වලට ගිය වහාම පිරිසිදුවීම ආදී පියවර අනුගමනය කළ යුතු බව ද හෙතෙම සදහන් කළේය.

මීට අමතරව අනුගමනය කළ යුතු තවත් උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කොවිඞ් 19 වැළැක්වීමේ මාර්ගෝපදේශ සංග‍්‍රහයේ ඇතුළත් කර ඇති බව ද ඒ මහතා කීවේය.

Related posts

වරායට ආ ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය

colombotoday

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆිට නීතිපති හිග වැටුප් ගෙවයි

colombotoday

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

හෙට දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday