Colombo Today Local News

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි තර කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව දැනට පද්ධති පාලන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටින නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න දැනුවත් කර තිබේ.

සමස්ත දිවයිනටම බලපාන අයුරින් පසුගියදා හදිසියේ සිදුවූ විදුලි බිදවැටීම පිළිබදව කරුණු සොයා බැලීම පිණිස, විෂයභාර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවූ අවස්ථාවේදී මෙම උපදෙස් දී ඇත.

සමස්ත දිවයිනේම විදුලිබල සැපයුමේ ස්ථායිතාවය සුරැකෙන ප්‍රධානතම ස්ථානය වන පද්ධති පාලන මධ්‍යස්ථානය නිරන්තරයෙන් සුරක්ෂිත වියයුතු අතර රටේ අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක හා සංවේදී මධ්‍යස්ථානයක් නිසි අයුරින් රැකගැනීම ජාතික වගකීමක් බවත් විෂයභාර අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

Related posts

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

colombotoday

“පනතට අත තියනු එපා“ මහ නාහිමියන්ගෙන් සැරට අහගෙන බුද්ධ ශාසන ඇමති ආපසු හැරෙයි

colombotoday

කුරැන්දි ස්ථූපය කඩා ඉවත් කිරීමට අධිකරණය දී තිබූ තින්දුව අහොසි කරයි.

colombotoday

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක්.. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කරමින් සිටිනවා

colombotoday

පුංචි ඡන්දය ලබන මාර් තුවේ – මැතිවරණ කොමිසම කියයි

colombotoday

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

colombotoday