Colombo Today Local News

ලංකාව දෙකඩ කරන යෝජනාවට ශ්‍රී ලංකා රජයෙක් ක්ෂණික ප්‍රතිචාර.. එංගලන්තයේ පාලක් පක්ෂය අඩියක් පස්සට ගනී !

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට සහයෝගය දක්වන බවට එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්‍ෂය සිය මැතිවරණ ප්‍රකාශයෙන් ප්‍රකාශ කර තිබුනා.

ඒ සමගම වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය මෙම ප්‍රතිපත්තිය හෙළා දැක එය පිළිගත නොහැකි බව කියමින් ඒ පිළිබඳ හේතු දැක්වීමක් ඉල්ලා සිටියා. ඒ එක්සත් රාජධානියේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් මනීෂා ගුණසේකර හරහාය.

එම විමසීමට සහ මාධ්‍ය නිවේදනයට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ සම සභාපති ජේම්ස් ක්ලැවෙර්ලි තම පක්ෂය කිසිවිටෙක ශ්‍රී ලංකාවේ රාජ්‍ය දෙකක විසඳුමකට සහාය නොදක්වන බව අවධාරණය කර ඇත.

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය වෙනස් වී නැත. පැහැදිලිවම කිවහොත්, මෙම අංශයේ ද්වි-රාජ්‍ය ලෙස අදහස් කළේ මැදපෙරදිග ඊශ්‍රායල-පලස්තීන තත්වය ගැන පමණක් සඳහන් කිරීමටය (ප්‍රකාශිත ප්‍රතිපත්තිය අනුව). ශ්‍රී ලංකාවට සහ සයිප්‍රසයට සාමය හා සංහිඳියාව සඳහා පවත්නා ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට අපගේ අඛණ්ඩ සහය හිමිවේ.” ලෙස ඔහුගේ සඳහනේ දැක්වේ.

පක්ෂයේ ස්ථාවරය එක්සත් රාජධානියේ පරිසර, ආහාර හා ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් තෙරේසා විලියර්ස් විසින්ද තහවුරු කර ඇත. ‘ද්වි-රාජ්‍ය විසඳුමක් ගැන සඳහන් වන්නේ මැදපෙරදිග සදහාය. සයිප්‍රසයට හෝ ශ්‍රී ලංකාවට එය අදාල නොවේ. විදේශ ලේකම් ඩොමිනික් රාබ්ද මෙය තහවුරු කර තිබේ.’ ලෙස ඇය සඳහන් කර ඇත.

කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පෝල් ස්කලී 2019 දෙසැම්බර් 3 වන දින සිය ට්විටර් පණිවුඩයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ ඉහත ස්ථාවරය යළිත් වරක් අවධාරණය කරමින් ‘ශ්‍රී ලංකාවේ පාලනයේ සැකැස්ම සම්බන්ධයෙන් කොන්සර්වේටිව් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොමැත. රාජ්‍යයන් දෙකක් සම්බන්ධ වන්නේ මැද පෙරදිගට පමණයි. ‘ ලෙස සඳහන් කර ඇත.

Nethnews

Related posts

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් STF අත්අඩංගුවට

Admin

දිස්ත්‍රික්ක හතරක විශේෂිත පිළිකා රෝහල් හදන්න ජනපතිගෙන් උපදෙස්

Admin

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතී

colombotoday

ඇවන් ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කරයි

colombotoday

මිල වැඩි නොකළොත් තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – ඛනිජ තෙල් සංස්ථාව කියයි

colombotoday

සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කෙරේ

colombotoday