Colombo Today Local News

රෙදි ඇදගෙන රනිල්ට විරුද්ධ ඡන්දෙ දෙන්න බෑ – විශ්වාසභංගයෙන් පසු දුමින්ද එජාපයට ?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසනවා.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීම සදහා ශ්‍රීලනිපය අගමැතිවරයාට සහය දැක්විය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටී.

පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා හමුවේදී අදහස් දක්වමින් දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ කවුරුන් විරුද්ධ වුවත් විශ්වාසභංගයේදී තමන් ඊට එරෙහිව ඡන්දය භාවිතා කරන බවයි.

ජනාධිපතිවරයා පත්වූයේ එජාපය නිසා බවත්, එබැවින් රෙදි ඇදගෙන ගොස් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය දිය නොහැකි බවත් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.

Related posts

මේ ව්‍යවස්ථාව හදන්නේ හුසේන්ගේ උවමනාවටයි.. 13ත් අහෝසි කළ යුතුයි !

colombotoday

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

සෙල්ලකතරගමදී ප්‍රවාහනය කරමින් තිබූ ගංජා ග්‍රෑම් 25,000ක් අල්ලයි

colombotoday

රෝහලේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුවේ සිටින ඇතමුන් අගේ ඉදන් කන කනවා, ඩිලානුත් එහෙමයි – පාලිත රංගේ බණ්ඩාර

colombotoday