Colombo Today Local News

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

රන් මත රජය පනවා ඇති  බද්ද  හා රුපියල අවප්‍රමාණ වීම නිසා රන් පවුමක මිල 20% කින් පමණ වැඩි වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල ජයරත්න මහතා පැවසීය.

ඒ අනුව රන් බිස්කට්  ඒකක ගැනුම් මිල රුපියල් රුපියල් 50,500 ක් පමණ වන අතර විකුණුම් මිල රුපියල් 55,600 ක් දක්වා වැඩි වී ඇතැයිද සඳහන් කළේය.

රන් මත 15% ක බද්දක්  රජය පසුගියදා පැනවු අතර රුපියල අවප්‍රමාණ වීමත් සමඟ එහි මිල ගණන් වලට මෙලෙස බලපා ඇත.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රටවල් කිහිපයකට මුදල් ඒකක අව ප්‍රමාණ වු අතර ඒ නිසා ලෝකයේ රටවල් කිහිපයකම රන් මිල ගණන් ඉහළ ගොස් ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

අද කාලගුණය

colombotoday

එජනිස සමඟ හවුලකට පක්ෂ 12ක් සූදානම් – පක්ෂ නායකයින් හමුවීම ලඟදීම

colombotoday

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

colombotoday

බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්න

colombotoday

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකුගෙත් පුටු මාරු වෙයි

colombotoday

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

colombotoday