Colombo Today Local News

රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම: පාඨලී චම්පික රණවක මහාධිකරණයෙන් ඇප.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අද (21)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියෙහි එම අධිචෝදනා පත්‍ර භාර දීම සිදුකර තිබේ.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 4වනදා සිදුකිරීමට නියෝග ලබා දී ඇති අතර එදින සාක්ෂිකරුවන් පස්දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත්කර තිබේ.

Related posts

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday

ඔරුගල්යාය ලදු කැළෑ එළි කරේ වන අලි ගම්වදින හින්දයි – පරිසර ඇමති

colombotoday

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

colombotoday

වීරකුමාරගෙත් කරල පැහෙයි… රාජ්‍ය ඇමතිකමක දිවුරයි

colombotoday