Colombo Today Local News

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ කුඩු ජාවාරම් ක‍්‍රියාත්මකයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැුගෙන ඒමෙන් පසුව දැනට පොලිසිය භාරයේ සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ කුඩු ජාවාරම මේ වන විටත් පාකිස්තාන මත්කුඩු ජාලය හරහා සකී‍්‍රය ලෙස කි‍්‍රයාත්මක වන බව බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.

රැඳවුම් භාරයේ සිටියදීම කංජිපානි ඉම්රාන් විසින් සිය මත්කුඩු ජාලයේ මෙරට ඒජන්තයන් දුරකථන ඔස්සේ අමතමින් සියල්ල මෙහෙයවමින් සිටින බවද බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

ඩුබායිහි සැඟවී සිටින කාලයේදීත් කංජිපානි ඉම්රාන් සිය මත්කුඩු ජාවාරම කරගෙන ගියේ පාකිස්තාන කුඩු ජාලය ඔස්සේ බවටද පසුගිය දිනවල අනාවරණය වී තිබිණි.

කංජිපානි ඉම්රාන් ඩුබායිහි සිටියදී සිය ගෝලබාලයන් යොදවා ශ‍්‍රී ලංකාවේ මිනිස් ඝාතන ගණනාවක් සිදු කළ බවට අනාවරණය වී තිබුණද, එම ඝාතනවලට යොදා ගත් ගිනිඅවි ඇතුළු අවි ආයුධ සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගැනීම මෙතෙක් සිදුව නැත.

මෙසේ තිබියදී කංජිපානි රැු`දවුම් භාරයෙන් මුදාගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරවීමට ඔහුගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින අතර එම තත්ත්වය තුළ ඔහු බන්ධනාගාරගත කෙරුණහොත් මෙරට බන්ධනාගාර තුළ පවතින දූෂිත කි‍්‍රයාවලිය නිසා කංජිපානි ඉම්රාන්ගේ කුඩු ජාවාරම තවදුරටත් ප‍්‍රබල වනු ඇතැයි පොලිස් මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව එම විමර්ශනවලට ප‍්‍රමුඛත්වය දීම නිසා මාකදුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් පිළිබද සිදු කෙරුණු විමර්ශන මන්දගාමී බවට පත්වීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

Divaina

Related posts

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday

විරෝධතා මාලාවට සහභාගි වූ විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්

Admin

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin

ජනාධිපතිතුමනි මතක තබා ගන්න.. ඔය පුටුව දුන්නේ ජනතාව.. ඔය කරන වැඩ වලට සමාව දෙන්න බෑ !

colombotoday

උතුරේ සිංහල ගම්මානවලට TNA විරෝධය.. කෑකෝ ගසමින් උතුරු සභාවේදී විරෝධය දක්වයි

colombotoday