Colombo Today Local News

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට මාර්තු 1ට පෙර රැකියා !

මාර්තු මස පළමු වැනිදාට පෙර උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ ජනවාරි 13 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, 2012 දී මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමට ගත් තීරණය පිළිබඳවද සිහිපත් කළේය. ඒ අනුව කිසිදු භේදයකින් තොරව මෙය සිදු කිරිමට මහින්ද රාජපක්ෂ රජය සූදානම්ව සිටි අතර එලෙස රැකියා බොහෝ ප්‍රමාණයක් ලබා දුන් බවද ප්‍රකාශ කළේය.

එහෙත්, පසුගිය යහපාලන ආණ්ඩුව විසින් කුඩා උපාධිධාරීන් පිරිසකට පමණක් “සංවර්ධන නිලධාරි”න් ලෙස පත්වීම් ලබා දී තිබෙන බවද ප්‍රකාශ කළේය. ඒවා ද භේදයන් රැසක් ඇති කරමින් ලබා දී ඇති බවත් සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසු ආකාරයටම මාර්තු මාසයේ 1 වන දාට පෙර රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට නව රැකියා ලබා දීමට කටයුතු කරන බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ඉතා ඉක්මනින් ස්ථිර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝ සඳහන් කළේය.

ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසෙුවේය.

Related posts

මන්නාරම් මිනී වළේ ඇමරිකානු කාබන් වාර්තාව වෙනුවට තමිල්නාඩුවේ වෛද්‍යවරයකු කොටි හිතවාදීන් ජිනීවා ගෙන යයි

colombotoday

ගුවන්තොටුපොළ සේවකයන්ගේ බෝනස් එකටත් තට්ටු වෙන හැඩ. ගෙවන්න ආණ්ඩුවේ සල්ලි නැතිලු

colombotoday

අපේ නායකයො කවදාවත් හොරකම් කර නෑ.. සාක්ෂි සහිතවම පෙන්නමු බලන්න – නි. ඇමති අජිත්

colombotoday

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

colombotoday

බ්‍රිතාන්‍ය විදේශ ඇමති අද එයි.. හෙට යාපනේ යයි

colombotoday

අල්ලස් ගෙන රැඳවියෙකුට දුරකථන දුන් ජේලර් මාට්ටු

colombotoday