Colombo Today Local News

රාජිතට නිදහස ඉල්ලා කල සත්‍යග්‍රහය

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් පවත්වා තිබේ.

ඊයේ(29)දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී එම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණේ රාජිත සේනාරත්න මහතාගේ උපන් දිනයට සමගාමීවයි.

එම අවස්ථාවට එක්වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන මහත්වරුවන් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා වහා නිදහස් කළ යුතු බවයි.

පැහැරගැනිම් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු කැඳවා මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කිරිමේ සිද්ධියක් හේතුවෙන් රාජිත සේනාරත්න මහතා ලබන මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

මේ අතර ඊයේ දිනයේ දී රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය මගින් ප්‍රකාශිත නඩු තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ විරෝධතා මතු කර තිබේ.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

colombotoday

මහබැංකුව තිබුණේ මා යටතේ නොවෙයි.. බැදුම්කරයට මා චූදිතයෙකු කරේ කොහොමද ? – රවී

colombotoday

ලංකාවම රත්වෙයි… කුරුණෑගල උණුසුම් සෙල්සියස් අංශක 38ට නගී…

colombotoday

බස්නාහිර පළාතේ පැය 24ක් තුළ සිදු කල විශේෂ මෙහෙයුම

colombotoday