Colombo Today Local News

රස පරික්ෂණයෙන් කට හඩ තහවුරුයි… රාජ්‍ය නායක ඝාතන කුමන්ත්‍රණයට DIG කොටුවෙයි…

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ලබාදුන් ආන්දෝලනාත්මක දුරකථන සංවාදය නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පොලිස් ඔත්තුකරු නාමල් කුමාර දෙදෙනාගේ බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එම වාර්තාව එළඹෙන සතියේදී රජයේ රසරීක්ෂක කාර්යාලයෙන් රහස් පොලීසිය වෙත ලබාදීමට නියමිතව ඇත. කෙසේ වෙතත් ඉන් අනතුරුව මේ පිළිබඳව අධිකරණයට වාර්තාකොට ඉදිරි පරීක්ෂණ සිදුකරන බව රහස් පොලීසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙම ආන්දෝලනාත්මක සංවාදය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණය සඳහා පසුගිය සතියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාත් පොලිස් ඔත්තුකරු නාමල් කුමාර යන අයත් කටහඬ පරීක්ෂාවකට ඉදිරිපත් වූහ.

Related posts

රන්ජන්ගේ කඩවෙන බලාපොරොත්තු. මන්ත්‍රී ධුරය ගැන පෙත්සම විසි වෙයි

colombotoday

රේගු අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අවසන්

Admin

පුපුරණ ද්‍රව්‍ය සමග තිදෙනෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවේ

colombotoday

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 330 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday