මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන අයවැය නොතේරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය ගත කිරීම පලක් නොවන බව පවසා හෙතෙම පිටව ගියා.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද පැවසුවේ මුදල් ඇමතිගේ අයවැය තේරුම් ගත නොහැකි බවයි.
මේ අතර, මෙවර අයවැය අනාගතය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කළ අයවැයක් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කළා.