හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.
ඒ අනුව අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබේ. මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව මෙසේ ඔවුන් අත්අඩගුවට ගැනීමට නියෝග කර තිබේ.