Colombo Today Local News

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් දෙසැම්බර් මස 18 වැනි දා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (21)දින නියෝග කළා.

මෙම පෙත්සම්වලට එරෙහිව විරෝධතා අද දින ගොනු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක පවසා සිටියා.

ඒ අනුව එම විරෝධතා වලට එරෙහිව ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 13 දා ට පෙර ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළා.

2016 වර්ෂයේ සිදු වූ බැදුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

රවි කරුණානායක මහතාට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ අර්ජුන ඇලෝසියස්, එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අය ද රිට් පෙත්සම් ගොනු කර තිබුණා.

2016 මාර්තු මාසයේදී සිදුවූ බැඳුම්කර නිකුතුවේදී සිදු වී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මාර්තු මස 06 වැනි දා වරෙන්තු නිකුත් කරන ලදි.

රවි කරුණානායක සිය පෙත්සමෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාර්තු මස 6 දා ඔහුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා.

Related posts

බේරේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් ගැන කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ

colombotoday

මාධ්‍යවේදීන්ට පුහුණුවක් දෙනවා

Admin

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

colombotoday

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

colombotoday

“හොරුන්ගේ මැයි රැළිය කිරුලපණදී.. හොරකමට විරුද්ධ අපේ රැළිය කොළඹදී” – ඇමති අකිල

colombotoday