Colombo Today Local News

රනිල් බලය රැකගන්න කෝටි ගණන් ණය වී මන්ත්‍රීවරුන්ට වාහන් දීලා….

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ පිරිහි යන සිය බලය රැක ගැනිම සඳහා විශාල වශයෙන් ණය වී මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවැසීය.

අමාත්‍යයවරයා මේ බව පැවැසුවේ අද (10දා) දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එම අමාත්‍යංශය මගින් පවත්වන ඉඩම් ජංගම සේවයකට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ කිසිදු ආර්ථික සැලසුමක් නොමැතිව විශාල වශයෙන් ණය වී අති සුපෝගභෝගි වාහන මෙසේ මැති ඇමතිවරුන්ට ලබා දී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පිරිහි යන බලය රැක ගැනිමට වාහන ගෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවදුරටත් පක්ෂය තුළ පිරිහී ඇති බවද ඔහු පැවැසීය.

අමාත්‍යංශ ලේකම්වරුන්ට බලපැම් සිදු කර එම වාහන ගෙන්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.

Related posts

කබ්රාල් අස්වීමේ ලිපිය සදුදා බාරදෙයි

colombotoday

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

colombotoday

කළු විරෝධය දැක්වූ “එන්.ජී.ඕ කල්ලි“ අපට සම්බන්ධ නෑ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

මැතිවරණය පිලිබද පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? තීන්දුව හෙට

colombotoday

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

colombotoday