Colombo Today Local Newsfeatured

‘රන්ජන් මෙතන හිටියානම් හොම්බට දෙකක් ගහනවා’ – එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිනියම් වෙයි…

‘අගමැතිතුමනි, රන්ජන් රාමනායක අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා’ යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කිරීමත් සමඟම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ඊයේ (20දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1දී පැවැත්විණි.

මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ. කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් 24 දෙනකු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කරන ලද ප්‍රකාශයයි.
ප්‍රථමයෙන්ම අදහස් දක්වා ඇති හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනයට ලක්කරන ලදී. මේ අවස්ථාවේදී රන්ජන් රාමනායක සිටියා නම් අනිවාර්යයෙන්ම ඔහුට පහරදෙන බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව ‍ෙදාස්තර රාජිත සේනාරත්න, රවි කරුණානායක, තලතා අතුකෝරල, ජෝන් අමරතුංග, සාගල රත්නායක ඇතුළු අමාත්‍යවරුන් රැසක්ද, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සිඩ්නි ජයරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින්ද රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කර ඇත.

මෙවැනි වගකීම් රහිත ප්‍රකාශවලින් ආණ්ඩුවත්, පාර්ලිමේන්තුවත් හෑල්ලු වන බවත් මේ ගැන විනය පරීක්ෂණයක් සිදුකරරන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව යම් පියවරක් ගන්නා ලෙසත් මෙම පිරිස ඉල්ලා ඇත.

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා නිශ්චිතව නම් ගම් ප්‍රකාශ කර නොමැති බවත් එවැන්නක් කථානායකතුමාට ඉදිරිපත් කර නොමැති නම් වහාම මේ ගැන ප්‍රකාශයක් රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකර එම ප්‍රකාශය ගැන කනගාටු වන බව ප්‍රකාශ කළ යුතු බවද මෙහිදී යෝජනා වී ඇත.

මෙම කාරණය ගැන පරීක්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිවු පුද්ගල කමිටුවක් පත් කළ අතර රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ, නීතිඥ නිශ්ශංක නානායක්කාර යනමහත්වරු ඊට අයත් වෙති.

මෙම ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණ සිටියේ නැත.

Related posts

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

colombotoday

සමාජ මාධ්‍ය පාලනය කරන්න අලුත් නීති ගේනවා – රංජිත් මද්දුම බණ්ඩාර

colombotoday

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

ජල ගාස්තුවටත් මිල සූත්‍රයක්? පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් වලට දෙන්න යෝජනා

Admin

ජාතික යොවුන් වේදිකාවට ජනපති කාර්යාලයෙන් අයදුම්පත් කැඳවයි

Admin

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday