පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පටිගත කළ බව කියන හඬපට මේ වන විට පාර්ලිමේන්තුවට භාර දී තිබේ.
අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ එම හඬ පට ඉල්ලා සිටියත් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ සඳහා පක්ෂ නායකයන්ගේ අනුමැතිය අවශ්‍ය බව සඳහන් කරන බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
එයට පිළිතුරු දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ හඬපට ඉදිරියදේ ලබාදීම සඳහා කටයුතු සකස්කරන බවයි.