බරපතල රථවාහන වැරදි කිහිපයක් සදහා වන දඩ මුදල් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ පිලිබද අධ්‍යයනය කිරිමට පත්කළ නිලධාරී කමිටුව වැරදි 10 ක් හදුනාගත්තා. වැරදිවලට අදාල දඩ මුදල් සංශෝධනය කිරිමට ද නිර්දේශ කර ඇති බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ. ඒ සදහා කෙටුම්පත් කරනු ලැබූ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමෙන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමයි සැලසුම. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.