පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීමෙන් ඉවත් වූ බවට උන්වහන්සේගේ ලිපි ශීර්ෂය සහ අත්සනින් යුතුව සමාජ ජාලාවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බවට එහිමියන් පවසයි.
මේ පිළිබදව අප මීට සුළු මොහොතකට පෙර උන්වහන්සේගෙන් විමසා සිටි අතර, රතන හිමියන් කියා සිටියේ එම ලිපිය මුළුමනින්ම සාවද්‍ය එකක් බවයි. තමන්වහන්සේ තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවද උන්වහන්සේ සදහන් කර සිටියේ ය.
මේ අවස්ථාවේ දී ද උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ රැළියකට සහභාග වී සිටී.