Colombo Today Local News

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල්ගෙන් පොරොන්දුවක්.

එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද(09) පැවැත්වීය. ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ (රුසියානු නියෝජිත) (එක්සත් අරාබි එමිර් රාජ්‍යය) ප්‍රීමාල් ප්‍රනාන්දු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ ජාතික සංවිධාන සම්මේලනය නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ දර්ශන් වීරසේකර සහභාගි විය.

පැවති රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරයාගේ වාර්තාව ( OISL වාර්ථාව) පිළිගැනීම වරදක් බවත් ඒ මත පදනම්ව රණවිරැවන්ට චෝදනා ගෙන එමින්  30‍/1 යෝජනාවට පාර්ලිමේන්තුවේත්, ජනාධිපතිවරයාගේත්, කැබිනට්ටුවේ, අනුමැතියක් නොමැතිව සම අනුග්‍රාහකත්වය දැක්වීම බරපතළ වරදක් බවත් 2020 මාර්තු ජිනීවා සැසියේ දී නව ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයාගේ රජය යටතේ බහුතර ජනතාවගේ අපේක්ෂාව වන රණවිරුවන් මෙම අභූත චෝදනාවලින් නිදහස් කිරීම් සඳහා ජනතාවාදී විදේශ ප්‍රතිපත්තියක් මත පිහිටා මෙම OISL වාර්තාවේ චෝදනාවන්ට පිළිතුරු දීම සඳහා විත්තියේ – යුක්තියේ සාධාරණත්වය වෙනුවෙන් අවස්ථාවක් ලබා ගැනීම ගත යුතු පියවර බව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා විසින් පිළිගන්නා ලදී.

ඉතා කෙටි කාලයක් තුළ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාත්, අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් මේ පිළිබඳව දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ජාතික සංවිධාන නියෝජිතයින්ට දැනුම් දෙන ලදී

Related posts

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday

පොල් තෙල් ආනයනය නැවැත්වීමෙන් වාසි ගත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු කටු පොල් වගා කරන සමාගමක් මිලට ගනියි

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday

රිෂාඩ් බදුර්දීන් සමගි ජන බල වේගය හැර යයි? සජිත් පිලේ ජේෂ්ඨයින් කලබලයට පත් වේ

colombotoday

එපා කියද්දී අබාය ඇදන් ඇවිත්… පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති

colombotoday

විහාර දේවාලගම් පනත එන සතියේ පාර්ලිමේන්තුවට.. බුද්ධාගමට හානිකරයි – මහසංඝරත්නයේ විරෝධය

colombotoday