Colombo Today Local News

රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

අනාගතයේදී රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පූජාපිටිය, මාරතුගොඩ ප්‍රදේශයේදී ඊයේ (21)දින පැවැත්වුණු අතර එහිදි ජනතාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වසර 30ක් පැවති යුද්ධය වසර දෙකහාමාරක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට හැකි වු බවත් එම නිසා නැවතත් රට දෙකඩ කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

ජනාධිපතිවරණයේ දී අනුමත කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැක්කේ මහ මැතිවරණයේ දී බව ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

මහ මැතිවරණයෙන් විරුද්ධ පක්ෂය ජයග්‍රාහණය කළහොත් කිසිවිටෙකත් එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගල් ප්‍රහාරයකින් පොල්පිතිගම පුද්ගලෙයෙක් මරුට

colombotoday

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

වැට් වැඩි කළේ රාජපක්ෂලා නිසයි.. එන අවුරුද්දේ අඩු කරනවා.. එතකොට මට දුප්පතාගේ හිතවතා කියයි

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

හෙට සිට පාසල් නිවාඩු

colombotoday