Colombo Today Local News

රට අගාධයට යනවා… ජනතාව ඉදිරියට යමු – ඩිල්ශාන්ගෙන් ඉල්ලීමක්

තමන් තාම මැතිවරණ සඳහා ඉදිරිපත් තීරණයක් ගෙන නොමැති බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඩිල්ෂාන් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සාමාජිකත්වය ලබාගන්නා සෑම කෙනෙම් මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවයි.

එසේම මේ වන විට පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්ද ඩිල්ෂාන් සිය අදහස් දැක්වීය.

“විධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකත් අතර ගැටමුක් තිබෙනවා. රට අගාධයකට යන වෙලාවක මම ඉල්ලීමක් කරනවා මැතිවරණයට යා යුතු යුතුයි කියලා. හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන එක තමයි මගෙත් අදහස.

ක්‍රිකට් ක්‍රීඩා කරද්දී විනිසුරුවන් දෙනේනෙක් ඉන්නවා. ඒ දෙන්නටම තීරණයක් ගන්න බැරිවුණොත් තුන්වැනි විනිසුරුවට දානවා. මම හිතනවා තුන්වැනි විනිසුරුවට, ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතා කැමැත්ත අරගෙන ඉස්සරට ගියොත් රට ඉදිරියට ගෙනි යන්න පුළුවන් කියලා මම හිතනවා.”

Related posts

ආණ්ඩුව යළිත් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරයි. සියඹලාපිටිය නි. කතානයක සටන දිනයි

colombotoday

ඥානසාර හිමිගෙන් වන්දි ඉල්ලා බදුර්දීන් දැමූ නඩුව කල් යයි

colombotoday

තිදෙනෙක් දිය රකුසාට බිලි

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුට

colombotoday

අධිකරණ ඇමති තලතා.. බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රම – අද දිවුරුම් දෙයි

colombotoday