Colombo Today Local News

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

යුද සමයේදී සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරටට දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය සිදුව ඇති බවත් ශ්‍රී ලංකාවට වසර දෙකක කාලයක් නැවත ලබා දීම අනුමත කල නොහැකි බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් නිවේදනයක් මගින් පවසා ඇත.

එහිදී වැඩිදුරටත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ,

‘පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල 40-1 යෝජනාව මගින් තවත් වසර දෙකක කාලයක් ලබා දීම යුද අපරාධ කරුවන්ට පැන යාමට ඉඩ ලබා දීමක්. තෙවසරක් ගතව ඇතත් ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් මුදා හැරීම ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවටය.

එබැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වරියගේ විශේෂ නියෝජිත වරයෙක් මෙරටට පත්කරන ලෙසටත් එම කාර්යාලය අනිවාරයෙන්ම උතුරු හෝ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටිවිය යුතු බවටය .

නව යෝජනාව මගින් මෙරට රජයට අවස්ථාව ලබා දී ඇත්තේ 30 -1 යෝජනාවේ අඩංගු කරුණු ඉටු කිරීමට බැවින් යුද සමයේදී සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවටත් 2015 වසරේ කොමිසන් සභා වාර්තාව සම්බන්ධයෙන් විමසා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය හිටපු අගවිනිසුරු වරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් ජාත්‍යන්තර ස්වාධීන විද්වත් කමිටුවක් පත් කොට ඇති හෙයින් එය පූර්වාදර්ශයක් කොට ගෙන දෙමුහුන් අධිකරණයක් පිහිටවිය යුතු බවටත් පෙන්වා දි ඇත.

Related posts

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ

colombotoday

පුද්ගලයකුට පහර දීම : මාළු අමුවෙන් කෑ දිලිප් වේද ආරච්චිගේ පුත්‍රයා අත්අඩංගුවට.

colombotoday

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

රේගුවේ මහා පරිමාණ බදු වංචාවක්.රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණයවේ

colombotoday

ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බදියුදීන්ට-බිරිඳට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday