Colombo Today Local News

යාපනයේ ධනුට පසුපස එළවා ගිහින් කඩු පහරක්

යාපනය ප්‍රදේශයේ “ධනු රොක්” නමින් හඳුන්වනු ලබන අපරාධ කල්ලියේ නායකයා ලෙස සැලකෙන පුද්ගලයෙකුට තවත් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඇත.

පහර කෑමට ලක් වු පුද්ගලයා යාපනය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පැවසීය.

මෝටර් රථයකින් ලුහුබැඳ පැමිණි පිරිසක් විසින් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි එම පුද්ගලයාට පසුපස එළවා ගොස් තියුණු ආයුධවලින් පහර දී තිබේ.

එම සිද්ධිය සිදු වී ඇත්තේ අද (26)දින දහවල් යාපනයේ පෙරුමාල් කොවිල අසලදීය.

පිරිස පැමිණි මෝටර් රථය සහ කඩු කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණයි

colombotoday

දකුණේදී බුරා පනින පොලිස්පති උතුරේදී හා පැටියෙක්.. සිංහනාද කරන ඇමතිලා ඇදන් යට

colombotoday

මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැහැ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Admin

දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

colombotoday

“සැබෑ සංහිඳියාව මරා දමා චන්ද්‍රිකාගේ සංහිඳියාව යටතේ ජාතිවාදය පැටවු ගහනවා“ – විමල්

colombotoday