Colombo Today Local News

යාපනයේ ධනුට පසුපස එළවා ගිහින් කඩු පහරක්

යාපනය ප්‍රදේශයේ “ධනු රොක්” නමින් හඳුන්වනු ලබන අපරාධ කල්ලියේ නායකයා ලෙස සැලකෙන පුද්ගලයෙකුට තවත් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඇත.

පහර කෑමට ලක් වු පුද්ගලයා යාපනය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පැවසීය.

මෝටර් රථයකින් ලුහුබැඳ පැමිණි පිරිසක් විසින් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි එම පුද්ගලයාට පසුපස එළවා ගොස් තියුණු ආයුධවලින් පහර දී තිබේ.

එම සිද්ධිය සිදු වී ඇත්තේ අද (26)දින දහවල් යාපනයේ පෙරුමාල් කොවිල අසලදීය.

පිරිස පැමිණි මෝටර් රථය සහ කඩු කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

නවම් පොහෝ දිනයේ, වැලිකඩ සිරකරුවෝ ඥාණසාර හිමි සමගින් බුද්ධානුස්සතිය වඩති!

colombotoday

ගුදයේ රත්තරන් ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකයාට පාස්පෝර්ට් 5ක්

colombotoday

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

colombotoday

අධිකරණයට අපහාස කිරීම: රංජන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට

colombotoday

කොට උඩ ගිය පාරවල් හදන්න ආසියා බැංකුවෙන් ණයක් ගනී

Admin

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday