Colombo Today Local News

යහපාලන ඇමතිකමෙන් ඉවත්වූ පියංකර FCID යට !

හිටපු රාජ්‍ය ඇමති පියංකර ජයරත්න මහතාට එරෙහි විමර්ශන කටයුතු යළි ආරම්භකර ඇති අතර, ලබන සතියේ ඔහුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.

රාජ්‍ය මුදල් වාහන හා ඉන්ධන අවභාවිතය පිළිබඳව ඔහුට චෝදනා එල්ලවී තිබේ.

ඔහු රාජ්‍ය ඇමතිවරයා වශයෙන් සිටියදී ඔහුට තිබූ චෝදනා සම්බන්ධ විමර්ශන කටයුතු අඩාලවී තිබුණි.

ඇමති පියංකර හා සම්බන්ධ දූෂණ චෝදනා බොහෝමයකට සිවිල් ගුවන්සේවා අධිකාරිය සෘජුවම සම්බන්ධව ඇති බැවින් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පසුගියදා මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කර ඇති බවද වාර්තා වේ.

පසුගිය ජනවාරි 11දා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගුවන්සේවා අධිකාරියට පැමිණ ඊට අදාළ ලිපිගොනුද රැගෙන ගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.

Related posts

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 1,141 අත්අඩංගුවේ

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම කඩා වැටීම වාර්තා කරයි !

colombotoday

ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් එළියට… විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

Admin

විදුලි බිල වැඩිවීම කිරීම අනිවාර්යයි – බලශක්ති ඇමති කියයි

colombotoday