Colombo Today Local News

යන්නැත්තම් යවන්න ලෑස්තියි.. අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, පුත්තලමේ පැවති පාක්ෂික හමුවක් අමතමිනි.

එජාපය ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට යාමට නම් පක්‍ෂය නායකත්වයද වෙනස් කරමින් පූර්ණ වෙනසක් කල යුතු යයිද ඇමතිවරයා කීය.

පක්‍ෂ නායකත්වය වෙනස් නොකර කුමන ආකාරයේ කැබිනට් සංශෝධන කලත් කුමන පරපුරක් හැදුවත් වැඩක් නැති බව කී ඔහු තමනට කියා පරපුරක් හදාගන්නට බැරි මිනිහෙකුට නායකත්ව පරපුරක් හදන්නට බැරි බවද සදහන් කලේය.

ආත්මාර්තකාමී බලලෝභී නායකයන් පන්නා දමා පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වන ලෙස සියළු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා පැවසීය.

Related posts

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි.

Admin

ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවෙිදනයක්

Admin

බෲනෝ දිවාකරට ඇප

Admin

මුස්ලිම් පල්ලි පාලනයට වහබ්වාදින්, මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday

අගමැති ජෝන්ගේ පෙති ගහල වගේ, චන්ඩියා වෙලා.. ජනපති අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියනවා

colombotoday