Colombo Today Local News

මෛත්‍රි-රනිල් චන්ද්‍රිකා-ජවිපෙ ටීඑන්ඒ එකතු වී සිංහල බෞද්ධ රට විනාශ කරන්න හදනවා

උතුර නැඟෙනහිර ඇතුළු සියලු පුරාවස්තු රටේ ඒකීයභාවයේ සංකේතය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සඳහන් ඒකීයභාවය ආරක්ෂා කරන්නට නම් මහ පොළොවේ ඇති ඓතිහාසික නටබුන් ආරක්ෂා කළ යුතු යැයි ජාතික හිමිකම් සංවිධානයේ නීති ලේකම් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (13දා) රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ජාතික හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර තිබූ එම මාධ්‍ය හමුවේදී බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
උතුරු – නැඟෙනහිර පළාත් තුළ දිගින් දිගටම බෞද්ධ විහාරස්ථාන, නටබුන් හා පෞරාණික ස්ථාන ඉලක්ක කරගත් සංවිධානාත්මක සංහාරයක් ඉතා ශීඝ්‍රයෙන් වෙනවා. එම සංහාරය ඉදිරියේ ආණ්ඩුව නිසොල්මන්ව සිටිනවා. ඒවා ආරක්ෂා කරන්න කිසිදු උත්සාහයක නිරත වන්නේ නැහැ.

මේ පුරාවස්තු සංහාරය නිසා රටේ ඒකීයභාවයටත්, භෞමික අඛණ්ඩතාවටත් නිවැරැදි කළ නොහැකි අභියෝග සිදු වෙනවා. උතුරු පළාත් සභාව විසින් උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම, බෞද්ධ පුරාවස්තු සංරක්ෂණය වළක්වන ආකාරයේ යෝජනාවකුත් සම්මත කරගෙන තිබෙනවා. ඒත් එවැනි යෝජනාවක් සම්මත කර ගැනීම නීති විරෝධීයි. රටේ පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දී තිබෙන මූලික අයිතිවාසිකම්වලට යටත්වයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක විය යුත්තෙ. රටේ පුරවැසියකුට උතුරට හෝ රටේ ඕනෑම ස්ථානයකට යෑමට එරෙහිව නීති හදන්න පළාත් සභාවේ මහ ඇමැතිට හෝ වෙනත් කෙනකුට හෝ අයිතියක් නැහැ.

මුලතිව්හි කුරුන්දන්කුලම අශෝකාරාම පුරාණ විහාරය සංරක්ෂණය කිරීමට උතුරේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් විරෝධය පළ කොට තිබෙනවා. ඒත් එම ස්ථානයේ තමයි ලංකාවේ ලියැවුණු අට්ඨකතා තුනෙන් එකක් වන’ කුරුන්දන් අට්ඨකතාව’ ලියැවිලා තියෙන්නෙ. ඛල්ලාටනාග, විජයබාහු සහ අග්බෝ රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහයත් එම ස්ථානයට ලැබී තිබෙනවා.

මේ ආකාරයට පුරාවිද්‍යා ස්ථානවලට සිදු වන සංහාරය හුදෙක්ම පුරාවිද්‍යා ස්ථානවලට අභියෝග කිරීමක් විතරක් නෙවෙයි. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට එකතුවුණු මෛත්‍රි – චන්ද්‍රිකා කණ්ඩායමත්, රනිල් වික්‍රමසිංහ කණ්ඩායමත්, ජවිපෙ සහ ටී.එන්.ඒ. කණ්ඩායම් දෙකත් එකතු වෙලා මේ රටේ ඒකීයභාවය දිය කරලා හැරලා සිංහල බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන වෑයමේ කොටසක් ලෙසයි මේ සංහාරය හඳුනා ගත යුතු වෙන්නෙ. 2015 ජනවාරි 8 වැනිදා වැඩසටහනේ කොටසක් තමයි මේක.

අපේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරගන්න අපි උද්ඝෝෂණ සිදු කරනවා. 20 වැනි සංශෝධනයට, නව ව්‍යවස්ථාවට ආදී වශයෙන් කරන උද්ඝෝෂණවලින් ආරක්ෂා කරගන්න හදන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පිහිටුවන ලද ඒකීයභාවය. නමුත් මහපොළොවෙ ඒකීයභාවය ආරක්ෂා නොවී ආණ්ඩුක්‍රම ව්‍යවසථාවෙන් ඒකීයභාවය ආරක්ෂා වුණාට ප්‍රයෝජනයක් නැහැ.
අපි මාවිල්ආරුවලට ගොස් ඒකීයභාවය ආරක්ෂා කළා මෙන් කෝකිලායි, නයාරු ආදී ප්‍රදේශවලට ගොස් අපේ ඒකීයභාවය ආරක්ෂා කරන්න දේශහිතෛශී බලවේග පෙළ ගැසිය යුතුයි. අපේ උරුමය යටපත් කරන්න මෛත්‍රි – රනිල් වගේම ජවිපෙ, දෙමළ සන්ධානය ලෑස්ති වෙනව නම් අපි ඒ ක්‍රියාමාර්ග ගන්නවා.

Related posts

විදෙස් රටවල් කිහිපයක පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගනී.

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

CID විමර්ෂණවලින් තවත් රහස් එළියට… බැදුම්කර බෑණා තවත් පුද්ගලයන්ට මිලියන ගණන් දුන් හැටි හෙළිවේ

colombotoday

එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමට දෙමළ නායකයන් කටයුතු කළ යුතුයි – සංහිදියා ඇමති

colombotoday

වැලන්ටයින් දවසේ ලංකාවේ 21ට අඩු තරුණියන් 9400කට අඬන්න වෙන හේතුව මෙන්න

colombotoday

“බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin