Colombo Today Local News

මෙරට පාසල් ගුරුවරුන්ගෙන් 66,000ක් දෛනිකව ඉගෙනුම් ක්‍රියාවලියට සක්‍රීයව දායක නොවේ

මෙරට පාසල් පද්ධතිය තුළ සිටින ගුරුවරුන්ගෙන් දෛනිකව ගුරුවරු 66,000ක් විවිධ කරුණු නිසා ඉගෙනුම් ක්‍රියාවලියට සක්‍රීයව දායක නොවන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් 240, 000කට ආසන්න ගණනක් සිටී.

විවිධ හේතු මත ගුරුවරුන් 50,000ක් දෛනිකව නිවාඩු ලබන බව ද, පුහුණු කටයුතු හෝ වෙනත් සේවා අවශ්‍යතා මත ගුරුවරුන් 16,000ක් පමණ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියෙන් පරිබාහිර ව කටයුතු කරන බව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිකර්මයක් ලෙස රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් 15,000ක පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි.

කෙසේවෙතත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරීම සඳහා මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බවත් ඒ මහතා පවසයි.

Related posts

ජනපති අනුර ඉදිරියේ අන්තවාදයට ඉඩක් නෑ

Admin

ලක්ෂ 62කේ ජනතා පැතුම් රනිල් වික්‍රමසිංහ දුෂණය කළා – ජනපති

colombotoday

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

ඥාණසාර හිමි දම් දෙසුමකට දර්ගාවට වඩී.. ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනයත් කැදවයි !

colombotoday

ජනවාරි සිට ගෑස් මිල යළි ඉහළට

Admin

තවත් ගූගල් බැලූනයක් ලක් ගුවනට

colombotoday