Colombo Today Local News

මෙගා ඩීල් බොරු අතේ පත්තු වෙලා. චම්පික, අනුර ගලේ පහරපු බළලුන් ගානට වැටිලා – ගම්මන්පිල

Udaya-Gammanpila ct

පසුගිය මැතිවරණ සමය පුරා මෙගා ඩීල්ගැන කළ ප්‍රකාශ එකක්වත් සත්‍ය නොවීම නිසා ඇමති පාඨලී චම්පික රණවක, සහ අනුර දිසානායක ගළේ පහරපු බළලුන්ගේ තත්වයට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කවුරුන් හෝ අත්අඩංගුවට ගත යුතුය යන ස්ථාවරයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු සිටින බවත්, අත්අඩංගුවට ගැනීමක් සිදු නොවුනහොත් එම ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වන බවට ප්‍රකාශ කරමින් සිටින බවත් දැනගන්නට ඇතැයි ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම තිලක් මාරපන අමාත්‍යවරයා ඉල්ලා අස්වූයේ ආණ්ඩුව රැකැනීම සදහා අගමැතිවරයා උපදෙස් දී ඇති බැවින් විය හැකි බවද අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

දෙමළ සිරකරුවන් 217 දෙනෙකු නිදහස් කිරීමට රජය පියවරගෙන ඇති බවත්, චෝදනා නැතිනම් මොවුන් මෙච්චර කාලයක් රඳවා ගැනීමට අවශ්‍යතාවයක් නැති බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවලට දඬුවම් නොකර මෙසේ නිදහස් කිරීම ගැටලුවක් බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා ඉලක්ක කර බෝම්බ පුපුරුවා හැරීම මෙහෙයවූ බුද්ධි අංශ නායකයින් වන මොරිස් හා ගිරි යන මේ අතර සිටින බවද ඔහු කියා සිටියේය.

මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් කළ හැකි ලොකුම රාජ්‍ය අනුග්‍රහය නම් උන්වහන්සේට පොරොන්දු වූ හා උන්වහන්සේ ප්‍රාර්ථනා කළ සාධාරණ සමාජය බිහි කිරීමට අවංකව කටයුතු කිරීම යැයිද පැවසූ ගම්මන්පිල මහතා සෝභිත හිමියන් අවසන් කාලයේදී සිටියේ සිත්තැවුලෙන් බවද පැවසීය.

Related posts

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

ජනාධිපතිවරණය 2019 කැදවයි.. ශ්‍රීලනිප අපේක්ෂකයා ජනපති මෛත්‍රීමයි.. විශ්‍රාම යන්නෑ කීවේ ඒකයි

colombotoday

කොරෝනා එන්නත ඉල්ලා ජනපති ගෝඨාගෙන් චීන ජනාධිපති ෂී ජින්ට ලිපියක්

colombotoday

මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක්.. පින් පමුණුවද්දී කැප්පෙටිපොළ රුව වටාපතේ දිස්වෙයි

colombotoday

ජනතාව ඉදිරියට යන්න ආණ්ඩුව බයයි..

colombotoday

එන ඡන්දෙන් සිලින්ඩරය දිනනවා

Admin