පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ජයග්රහණය ලැබ පොදුජන පෙරමුණේ නගර සභාවක් බලයට පත් කිරීමට කටයුතු කළ මුස්ලිම් නාගරික මන්ත්රීවරු හත්දෙනා නගර සභාවේදී එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් හැටියට කටයුතු කිරීමට තීරණය කර ඇත.
එජාප නාගරික මන්ත්රී ජිලිත් නිශාන්ත මහතා පැවසුවේ, මෙම නාගරික මන්ත්රීවරුන් හත් දෙනාට එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වාගෙන ගිය විනය ක්රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බවයි.