Top StoriesWorld

මුස්ලිම් ජාතිකයන්ට පුරවැසිභාවය නොදෙන ඉන්දීය නිතිය ජනපති අත්සනින් ගැසට් කරයි

පුරවැසිභාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පතට ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් අත්සන් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග එය පනතක් බවට පත්වූ බවයි.

මේ යටතේ පාකිස්තාන, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය හිමිවනු ඇති.

අදාළ පනත සංශෝධනය කෙරුණේ හින්දු, කිතුනු, සීක්, ජෛන, බෞද්ධ හා පර්සියන් යන ප්‍රජාවන් හයකට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමේ අරමුණිනි.

මේ අතර අදාළ පනතට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා අතරතුර පොලීසිය සමග ඇතිවූ ගැටුම්වලදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගුවාති සහ දිබ්රූගර් ප්‍රදේශවලට පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක වේ.

ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 10 ක අන්තර්ජාල සේවා සඳහා පැනවූ තහනම ද තවත් පැය 48 කින් දීර්ඝ කර ඇත්තේ අඛණ්ඩව ක්‍රියාත්මක විරෝධතා හේතුවෙනි.

Related posts

මාලිමාව උතුරේ ඉඩම් අත්පත් කරගැනීමක? ආණ්ඩුවේ ගැසට් රිවස්!

Admin

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

colombotoday

අයර්ලන්තයට සයිබර් ප්‍රහාරයක් – රජයේ වෙබ් අඩවි කිහිපයක් අක්‍රිය වේ

colombotoday

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin