World

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

දුෂණ චෝදනා එල්ල වූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට වසර 12ක සිර දඬුවමක් ලබා දී තිබේ. ඔහුට එල්ල වූ චෝදනා 7ටම ඔහු වැරදිකරු බව අධිකරණය තීරණය කර ඇත.

හිටපු අගමැතිවරයාට එරෙහිව පැවති නඩු විභාගය එරට දුෂණ විරෝධී වැඩසටහන පරීක්ෂාවට ලක් කරන්නක් වැනි විය.

“වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාඩ් අරමුදල”ට ලැබුණු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණු අතර එම චෝදනා 7ටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබුණි.

ඒ අනුව අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පළමු මැලේසියානු රාජ්‍ය නායකයා වන්නේ ද නජීබ් රසාක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නජීබ් රසාක් 2009 සිට 2018 දක්වා මැලේසියානු අගමැති ධූරය දැරීය.

Related posts

ජපානය නැවතත් සෙළවෙයි. රිච්‍ටර් මාපක7ක භූමිකම්පාවක්, සුනාමියක්! – Video

colombotoday

ඔලිම්පික් බොක්සිං ක්‍රීඩක හොලික්ස් වර්ජෝ ගැබිණි පෙම්වතිය මරා දමයි

colombotoday

චීනයේ සටන් පුහුණු පාසලක ගින්නකින් 18ක් මරුට

colombotoday

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

colombotoday