Uncategorized

මැදපෙරදිග ශ්‍රමිකයින් යොදා ගනිමින් කළ රන් බිස්කට් ජාවාරම

විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට ගෙන ඒම වළක්වාලීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

මැදපෙරදිග රැකියාවල නිරත ශ්‍රමිකයින් යොදා ගනිමින් මෑතක සිට මෙම ජාවාරම සිදුවන බව වාර්තා වේ.

ජාවාරම්කරුවන් විසින් විදෙස්ගත ශ්‍රමිකයින් සතු මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට එවීම වෙනුවට ඔවුන් සතුව ඇති මුදලට වඩා වැඩි වටිනාකමකින් යුත් රන් බිස්කට් ලබාදී ඒවා දිවයිනට රැගෙන ඒමෙන් පසු මිලදී ගැනීම සිදුකරන බව සඳහන්ය.

පසුගිය මාසයක පමණ කාලයක සිට සෑම දිනකම විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සතුව තිබී රන් බිස්කට් හමුවූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය සතිය තුළ පමණක් එලෙස රැගෙන ආ ග්‍රෑම් 100 රන් බිස්කට් 6ක්, ග්‍රෑම් 50 රන් බිස්කට් 3ක් සහ ග්‍රෑම් 30 රන් බිස්කට් 40ක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි.

ඊට අමතරව මෙම ජාවාරම්කරුවන් විසින් විශාල වටිනාකමකින් යුත් රන් ආභරණ ද සකස් කොට ඒවා ශ්‍රමිකයින්ට පලඳවා මෙරටට එවීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව වාර්තා වී තිබේ.

මෙම ජාවාරම හේතුවෙන් මෙරට බැංකු වෙත විදෙස් මුදල් පැමිණීම සීමාවන අතර එමගින් මෙරට විදේශ සංචිත ප්‍රමාණය ද අඩු වීමේ අවදානමක් මතුවී තිබේ.

Related posts

නුසුදුස්සෙක් ඉවත් කරන්න පොලිස්පතිවරයාගෙන් නියෝග

Admin

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

මරණීය දණ්ඩනය කතෝලික රදගුරු සංගමයේ විරෝධය…

colombotoday

MCC ගිවිසුම අකුලා ගත්තේ නෑ… ජනපතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරනවා !

colombotoday

උතුරේ ඡන්ද වර්ජණය කිරීමේ සූදානමක් !

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday