Colombo Today Local News

මැතිවරණයේ ප්‍රායෝගික නැති නීති හදලා තියෙන්නේ ඡන්ද කරපු අය නෙමෙයි-කිරිඇල්ල

මහ මැතිවරණය පැවැත්වීම සඳහා හඳුන්වා දී ඇති නීති රීති හා කොන්දේසි කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව සමගි ජන බලවේගයයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර දී ඊයේ (11)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක හඳුන්වා දී ඇති නීති රීති ප්‍රායෝගික නොවන බවය.

මැතිරණ ප්‍රචාරණ කටයුතු කිරීමට නම් නිදහසක් අවශ්‍ය බවද පැවසු ඒ මහතා, රැස්වීමකට පැමිණෙන පිරිස සම්බන්ධයෙන් ලැයිස්තු ඉල්ලා සිටින බවත් එවැන්නක් කිරීම කිසිවිටෙක ප්‍රායෝගික නොවන බවද පැවසීය.

මැතිවරණයක් කිසිදා නොකරන ලද අය විසින් මෙවැනි නීති සකස් කර ඇතැයි ද පැවසු ඒ මහතා, නීති සකස් කිරීමට පෙර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තිබු බවත් කියා සිටියේය.

එවැනි අදහස් විමසීමක් සිදු කළේ නම් නීති රීති සම්පාදනය කිරීම ගැන අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව තිබු බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Related posts

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

colombotoday

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

හඩ පටයෙන් සියල්ල හෙළි වේ… ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමති දෙපළකගේ සුපිරි ගැහිල්ලක් එළියට…

colombotoday

එජාපෙ න් ජනපති සටනට එනවා – ධම්මික පෙරේරා ජනපතිට, විපක්ෂයට දැනුම් දෙයි !

colombotoday

අන්තවාදීන් වෙනුවෙන් කුලියට ලියන කැෆේ කිර්තිගේ හෙළුව.

colombotoday

“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැති

colombotoday