Colombo Today Local News

මැතිවරණයට ටෙලිපෝන් එකෙන් තරග කරන්නේ පිංවන්තයෝ.. මට තෘප්තියක් ලැබෙන්නේ ජනතාවගේ දහඩිය සුවදටයි

මෙවර මැතිවරණයට තරඟ කරන පින්වන්තම අපේක්‍ෂක කණ්ඩායම සිටින්නේ තම කණ්ඩායමේ බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

රටේ ජාතික ධනය හොරා කා එම සල්ලි වලින් මැතිවරණය කරන කිසිවෙකු තම කණ්ඩායමේ නැති බවද ඔහු පවසයි.

අද වන විට අලුත්ම දීගයක් ඇතිවී තිබෙන බවත් එනම් පොහොට්ටුව සහ බැංකු හොරෙන් හොරුන්ද කසාද බැඳ ඇති බවත් ඔහු කියා සිටියේය.

ජනතාවගේ දහඩිය සුවඳ තමන්ට දැනෙන්න ඕනෑ බවත් තමනට සතුටක්, ආත්ම තෘප්තියක් ලැබෙන්නේ එවිට බවත් ඔහු තව දුරටත් සදහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ බුලත්කොහුපිටියේදී පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන හකීම් ඇතුළු යහපාලන කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් මෙවර කියයි.

colombotoday

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් නැවත ආ ජංගම දුරකථන

colombotoday

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, අතුරු වාර්තා ව්‍යවස්ථා විරෝධීයි.. සියල්ල බල ශුන්‍යයි

colombotoday

සා/පෙළ විභාගය අදින් අවසන්..

Admin

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday