Colombo Today Local News

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

පසුගිය 2018 වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප‍්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (25)   මාවනැල්ල දිසා මහේස්ත‍්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ලබන මස 08 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

එදින උදෑසන 8 පසු මහනුවර පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිට විශේෂ  ආරක්ෂාවක් යටතේ සැකකරුවන් 15 දෙනා බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන එම සිදු විය.

බදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් වන්නේ මාවනැල්ල දෙල්ගහගොඩ මොහොමඞ් අලූෆර්, එම ප‍්‍රදේශයේම අංක 33 නිවසේ පදිංචි මොහොමඞ් ෆයිසර්, දෙල්ගහගොඩ, හිගුල, මාවනැල්ල පිදිංචි මොහොමඞ් අක්බර් මොහොමඞ්, දෙල්ගහගොඩ හිගුල පදිංචි මොහොමඞ් සුෆියාස්, කෙහෙල්වත්ත, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඞ් අස්වර් අතීක්, අලූත්නුවර පාර, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඞ් කලීල්,  දනාගම, මාවනැල්ල පදිංචි නජිබුදීන්, කලූගමුව, ගෙලිඹය පදිංචි මොහොමඞ් අෆාර්දීන්, තඹාල, පොළොන්නරුව පදිංචි මොහොමඞ් මුස්තාපා, මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි රෂිඞ්, දනාගම, මාවනැල්ල මොහොමඞ් අස්ලම් අකිල් අහමඞ්, නාවලපිටිය පාර, උලපනේ පදිංචි අබ්දුල් ජබාර්, නාවලපිටිය පාර, උලපනේ පදිංචි ඉසදීන් සිත්ති යන සැකකරුවන් 13 දෙනා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම්භාරයේ  සිට මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලද හම්බන්තොට ප‍්‍රදේශයේදි අත්අඩංගුවට පත් වු සැකකරුවන් දෙදෙනා වන සෙයිදු නසීර් මව්ලානා සහ ජමාල්දීන් මොහොමඞ් ෆයිස් යන සැකකරුවන් 2 දෙනාද වෙති.

2018 වසරේ දෙසැම්බර් මාසයේ මාවනැල්ලේ මංසන්ධියේ  ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් දෙනෙකු කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති  දිදුරුවත්ත මංසන්ධියක  බුදු පිළිමයක් කඩද්දි ප‍්‍රදේශවාසියෙකු විසින් ඉන් එක් තරුණයකු අල්ලා ගම්වාසින්ගේ සහායෙන් මාවනැල්ල පොලීසිය  භාර දුන් අතර තවත් අයෙක් පැන දිව ගොස් ඇති බව දෙසැම්බර් 26 වැනිදා මුල් වතාවට තොරතුරු අනාවරණය විය.

ඒ අනුව මේ දක්වා සිදු කරන ලද ප‍්‍රශ්න කිරිම් හරහා සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට පත් විය.                                         

මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන ආරක්ෂක අංශ අධිකරණයට දන්වා සිටින්නේ මේ පිළිබඳව තවමත් පරික්ෂණ සිදු වෙමින් පවතින බවයි.

ඒ අනුව දැනට මාස 7කට වැඩි කාලයක් තිස්සේ බුදු පිළිම කැඩිමේ සිද්ධිය සම්බන්ධ නඩුව තවදුරටත් කල් යමින් සැකකරුවන්ගෙන් තොරතුරු අනාවරණය කරන ආරක්ෂක අංශ මේ හරහා පසුගිය දින පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන්ද තොරතුරු රැසක්  අනාවරණය කිරිමට සමත් වි ඇත.

Related posts

හිටපු කොටින්ට නිදහස ඉල්ලා බ්‍රිතාන්‍ය අගමැති නිවස ඉදිරිපිටත් උපවාසයක් අරඹයි

colombotoday

වගකීමක් නැති, ඔළුවක් නැති ජනපතිගේ නමත් අපට ලැජ්ජාවක්.. ගලවලා විසිකරල දැම්මා – අම්පිටියේ නාහිමි

colombotoday

රනිල් වික්‍රමසිංහට හිතක් – පපුවක් හා තෙතෙමනයක් නෑ – අනුර කුමාර දිසානායක

colombotoday

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

Admin

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

colombotoday

යහපාලනය ඉදිරියට කරගෙන යන්න කමිටුවක් !!

colombotoday