Colombo Today Sports News

මාලිංග කෝටි 4.5 කට විකිණෙයි…

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසිය ජායිපූර් හිදී පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි කෙරුනා.  එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.5කට අධිකයි.

ඒ අනූව ඔහු මිලදී ගනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනුයි.

ලසිත් මාලිංග මෙවර වෙන්දේසියට ඉදිරිපත් කර තිබුනේ ඉන්දීය රුපියල් කෝටි දෙකකට වන අතර ඊට කිසිවෙකුත් ලන්සු ඉදිරිපත් කිරීමක් සිදු කළේ නැහැ.

පසුගිය වසරේ IPL වෙන්දේසියේදී මාලිංග අලෙවි නොවූ අතර ඔහු සැලකෙන්නේ IPL තරඟ බිමේ වැඩිම කඩුලු ලාභියා ලෙසයි.

ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සාමි ඉන්දීය රුපියල් කෝටි 4.8 කට වෙන්දේසි වුනා.

ඔහු මිලදී ගනු ලැබුවේ කින්ග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී මේවන විට වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙසට ජාදෙව් උනාද්කත් සැලකෙනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔහු මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 8.40 කටයි.

එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 21 කට අධික මුදලක්.

පසුගිය වසරේදී ද වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ ඔහුයි.

එම වෙන්දේසියේදී ඔහු අලෙවි වු මුදල  ඉන්දීය රුපියල් කෝටි 11.5 ක්.

Related posts

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

colombotoday

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය හෙට

colombotoday

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Admin

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

colombotoday

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin