Colombo Today Local News

මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන බලාගාරයක්…

මාඳුරුඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ Canadian Commercial Corporation ආයතනය අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.

බලශක්ති අර්බුදයට විසඳුමක් හා අඩු වියදම් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව කෙරෙහි යොමුවීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්ට අයත් ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙසජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනුව ප‍්‍රදේශ කිහිපයක ඉදිකෙරෙන මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘති මගින් 2030 වසර වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 50‍%ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

එහි පළමු ව්‍යාපෘතිය මහවැලි කලාපයට අයත් මාදුරුඔය ජලාශය කේන්ද්‍රකර ගනිමින් කි‍්‍රයාත්මක කෙරෙන අතර සූර්ය පැනල හා විදුලියගබඩා කළ හැකි ව්ද්‍යුත් කෝෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස කැනේඩියානු සෝලර් ආයතනයේ සහයෝගයෙන්ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවේ. අදාළ ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර පන්සීයකට ආසන්න ඉඩ ප‍්‍රමාණයක් යොදා ගැනිමට නියමිත අතර, එම ප‍්‍රමාණය ජලාශයේ සම්පූර්ණවපසරියෙන් 4%කටත් වඩා අඩු ප‍්‍රමාණයකි.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට නියමිත අතර, ප‍්‍රථම මෙගා වොට් 10 මෙම වසරේ නොවැම්බර්මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමටත්, 2020 සැප්තැම්බර් අවසන් වන විට මෙගා වොට් 100ක සම්පූර්ණ ධාරිතාව ඉදිකර අවසන් කිරීමටත්යෝජිතය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සූරේන් බටගොඩ මහතා සහ Canadian Commercial Corporation ආයතනයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ Yvonne Chin මහත්මිය සහයෝගිතා ගිවිසුමට අත්සන් තබන ලදී.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් ද, ශ‍්‍රී ලංකාවේ කැනඩා තානාපති David McKinnon මහතා සහ Canadian Commercial Corporation ආයතනයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Credits : Ru News

Related posts

ඉස්ලාම් ආගම අත් හැරි මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි : Photos

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් ජාතික කොඩිය වෙනස් කරන්න, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරන්න නිර්දේශ කෙරේ

colombotoday

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

colombotoday

මණ්ඩතිව් නාවික කදවුර පුළුල් කිරීමට TNA විරෝධය… මිනින්දෝරුවන් හරවා එවයි…

colombotoday

නව වසර සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා

colombotoday

ගෝඨාභයගේ වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්මයි – මලික් සමරවික්‍රම

colombotoday