Colombo Today Local NewsTop Stories

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමිනි.

උන්වහන්සේ පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව දේශපාලනික සදාචාරාත්මකභාවය ආරක්ෂා කරමින් සුදුසු පියවරක් ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බවයි.

නව අගමැතිවරයෙකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම පිළිබඳ පක්ෂ, විපක්ෂ පිරිස් හා විවිධ දේශපාලනික මත දරන කණ්ඩායම් මෙන්ම දෙස් – විදෙස් දෙපාර්ශවය ද මේ වන විට රට පත් ව ඇති දේශපාලනික අරාජිකත්වය පිළිබඳ විවිධ මත දරන බව ද මල්වතු මහ නාහිමියන් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන, කාර්යාල, දෙපාර්තමේන්තු ආදි සියලු ස්ථාන මෙන් ම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන රාජ්‍ය ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවයි.

එවැනි තත්ත්වයකදී රටේ පළමු පුරවැසියා ලෙස දේශපාලන සුජාතභාවයන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසිලෙස පවත්වාගැනීම ජනාධිපතිතුමාගේ කාර්යයක් බව ද අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් පවසයි.

උන්වහන්සේ අවධාරණය කරන්නේ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දේශපාලනික සදාචාරයන් සංරක්ෂණය කරමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමෙන්, රටේ දැනට පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය සමනය කර ජනතාවගේ අභිවෘද්ධිය සුරක්ෂිත තිරසර රටක් ඇති කළ යුතු බවයි.

ඒ තුළින් රටේ සියලු අංශයන්ගේ බිඳ වැටීම නතර කර, පොදු ජනතාවගේ අභිවෘද්ධිය සහ යහ පැවැත්මත් රටේ සාමකාමී සහජීවනයත් ආරක්ෂා කරගත හැකි බව අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ජනාධිපතිතුමාට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි | පළමු මාත්‍රාව ගත් අය කළ යුතු දේ මෙන්න

colombotoday

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

හමුදාවට අපහාස කළ මහඇමතිව නාවික කදවුරකට ගෙන්වාගනී.. සුපිරි සංග්‍රහයකුත් දෙයි

colombotoday

සජිත්, චම්පික, නවීන් ජවිපෙ 20ට විරුද්ධයි…

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

හිරු සළකුණෙන්, දෙරණ 360න් එඩිතර සජිත් පැන දුවයි !

colombotoday