Colombo Today Local News

මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. මේ එංගලන්ත රජ පවුලද ? මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් මහින්ද රාජපක්ෂ මහතාට පසු ජේ‍යෂඨත්වය ලැබෙන්නේ තමන්ට බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේ දී පැවති ජනහමුවක් අමතමිනි.


“දැන් මහත්තයට බැරිනම් අයියට. අයියට බැරිනම් මල්ලිට. ඒ මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. නෝනට බැරිනම් තවත් අයියා කෙනෙක් හිටියා. පුතාට බෑ. එංගලන්ත රජ පවුල ද මේ තියෙන්නේ.ජනාධිපති මැතිවරණය කොට්ඨාස මැතිවරණයක් නෙමෙයි. ජනාධිපතිවරණයෙන් මුළු ලංකාවම එක ඡන්ද කොට්ඨාශයක් වෙනවා.අපට තිබෙන බහුතරයෙන් ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන්න බෑ “


යැයිද ඔහු සඳහන් කළේය.තමන් මෙරට විධායක ජනාධිපතිවරයා වුවහොත් විධායක ජනාධිපතිධුරය මාස හයක් ඇතුළත අහෝසි කරන බව ද වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට කියා සිටියේය.

Related posts

ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තු එවන්නේ කපුටා…

colombotoday

කොටින්ගේ හොරි කහන්න ජිනීවා ගිය වයිකෝට UN ආරක්ෂාව !

colombotoday

කාන්තාවක් අඩි 45ක වලකට වැටෙයි

colombotoday

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

“2020 මීළග ආණ්ඩුව තීරණය කරන්නේ අපියි.. රාජපක්ෂලාට බලයට එන්න ආයෙ ඉඩ තියන්නෑ” චම්පික රණවක

colombotoday

කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්

colombotoday