Colombo Today Local News

මම අහවල් මන්ත්‍රීගේ පුතා යැයි කියමින් පාසලේ සිසුන්ගෙන් කප්පම් ගන්න මන්ත්‍රී පුතා !

“සල්ලි දීපන් නැත්තම් බලා ගන්න පුළුවන්. මම අහවල් මන්ත්‍රීගේ පුතා.” යැයි තර්ජනය කරමින් පාසල් භෝජනාගාරය තුළදී සෙසු සිසුන්ගෙන් කප්පම් ගන්න එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු ගැන තොරතුරු වාර්තා වෙයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන මෙම මැර පුත්‍රයාගේ කප්පම් ගැනීම හමුවේ සෙසු සිසුන් අසරණ තත්ත්වයකට පත්ව තිබේ. 

මෙසේ මුදල් ඉල්ලා නොදුන් සිසුවෙකුට එම සිසුවාගේ පන්ති කාමරයටම පැමිණ මම අහවල් මන්ත්‍රීගේ පුතා සල්ලි දීපන් නැත්තම් තොට ගහනවා යනුවෙන් තර්ජනය කළ සිද්ධියක්ද වාර්තා වෙයි.

මෙම මැර පුත්‍රයාව අන් සිසුන් විසින් හඳුන්වන්නේ “අර මිරිස්කුඩු දියකරලා ගහපු කැලණියේ එක්කෙනාගේ පුතා” යනුවෙයි. 

http://am.lk/

Related posts

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday

රඹුක්කන සිද්ධිය : සැකකරුවෙක් සි.අයි.ඩි අත්අඩංගුවට

colombotoday

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

colombotoday

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

colombotoday

හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

colombotoday

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday