Colombo Today Local News

මනූෂ මිලියන දාහක් ඉල්ලයි…

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ තමා සම්බන්ධයෙන් සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහත එන්තරවාසියක් යවා ඇත.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කොන්ටිනෙන්ටල් ලෝ ඇසෝසියේටිස් නීතීඥ ආයතනය මෙම එන්තරවාසි දෙක යොමු කර ඇති අතර එක් අයෙක්ගෙන් රුපියල් මිලියන පන්සියය බැගින් වන වන්දියක් ඉල්ලා තිබේ.

නිදහසේ මාධ්‍ය කේන්ද්‍රෙය්දී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා විදේශ ගතවීම සම්බනන්ධයෙන් ද්වේශසහගතව හා කීර්තිනාමයට හානියක් වන ආකාරයට ප්‍රකාශ නිකුත් කර තිබූ බව එම එන්තරවාසියේ දැක්වේ. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කළ සියලුම කරුණු සාවද්‍ය බවත් එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතිකෂේප කරන බවත් එහි සදහන් වේ.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන ජීවිතයට දැඩි ලෙස හානි වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බවද එය ජනමාධ්‍යයේ ප්‍රචාරය වී තිබෙන බවද එන්තරවාසියේ දැක්වේ. මෙම අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවද එහි සදහන් වේ.

දින දහ හතරක කාලයක් තුළදී මෙම වන්දි මුදල ලබාදීමට කටයුතු කළ යුතු බවත් එහ පැහැර හරින්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත් මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සමාගම ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට දැනුම්දී ඇත.

Related posts

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි පාර්ලිමේන්තුවට

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කරයි

Admin

බදියුදීන්ගේ කට වසමින් ඇමරිකන් ගිණුම ගැන පොලිසියට පැමිණිලේ කෙරේ

colombotoday

නැති බැරි මුස්ලිම්වරුන්ට ඥානසාර හිමි මෛත්‍රීය දක්වයි.

colombotoday

කල්මුණේ යවන්න පටවා තිබු පරිභෝජනයට නුසුදුසු සීනි ගෝනි 200ක් පිටකොටුවෙන් අල්ලයි

colombotoday