Colombo Today Local News

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ඇති බවට තහවුරු වෙයි… ලංසු කැදවීම මැයි මසදී….

මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල් ඇති බවට සාර්ථක වී ඇති බවත් පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

දැනට සොයාගෙන ඇති නිධි දෙකෙන් කුඩා නිධියක් වන ද්‍රොනාඩෝ මගින් ඝන අඩි බිලියන 350ක ස්වාභාවික වායු ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව තක්සේරු කර ඇත.

ඉන් මෙගාවොට් 300ක් පමණ වන ධාරිතාවක් ඇති විදුලි බලගාරයක් නොනවත්වා වසර 10ක් පමණ කාලයක් ක්‍රියා කළ හැක.

“ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර සමීක්ෂණ හා අධ්‍යන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණියේ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න නිධි හා බැරල් බිලියන දෙකක් පමණ ඉක්ම වූ තෙල් නිධි දෙකක් සහිතව මන්නාරම ද්‍රෝණියේ සක්‍රිය ඛණිජ තෙල් පද්ධතියක් පවත්නා බව සනාථ කර ඇත.දෙවන ස්වාභාවික වායු නිධියේ ඝන අඩි බිලියන 1000ක් පමණ ස්වාභාවික වායු නිධි පවතින බවට තහවුරු වි තිබේ.”

මේ සඳහා ලන්සු කැඳවීම මැයි මස අවසන් කරන බවත් ඒ සඳහා ආයතන 12ක් පමණ ඉදිරිපත්ව ඇති බවත්, 2020 වසරේදි නිශ්පාදන බෙදා ගැනීමේ හා ළිං කැණීම් කටයුතු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

colombotoday

වතුකම්කරු වැටුප 50 කින් ඉහළ දමනවා – නවීන් දිසානායක

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday

අපේ විතරක් නෙවෙයි… ඉන්දියාවේ හා පාකිස්ථානයේත් රුපියල බාල්දු වෙලා…

colombotoday

මැතිවරණයෙන් පසුව නව රජයක්…!! කරූ ජයසුරිය අගමැති ?

colombotoday

කොළඹ විශ්වවිද්‍යාල සමීක්ෂණයෙන් ගෝඨා ඉදිරියෙන්… දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල සමීක්ෂණ මෙන්න…

colombotoday