Colombo Today Local News

මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක මිල රු. 296යි – කථානායක දැනුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම රුපියල් 296ක් ලෙස දැනට කළ ගණනය කිරීම් වලදී අනාවරණ වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (28)දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම පිළිබඳ පළ වූ වාර්තා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින්. කෙසේ වෙතත් මීට අදාළ නිවැරදි ගණනය කිරීම ඉදිරියේදී දැනුම් දෙන බව ද කථානායකවරයා සඳහන් කළා.

ඉදිරි මාස 04 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් දෙවැනි දිනටත් අද පාර්ලිමේන්තුවේදී විවාදය ආරම්භයේදී මන්ත්‍රීවරයෙකු ගේ ආහාර වේලක් සඳහා රුපියල් 3000ක් වැය වන බවට පලවූ වාර්තාවන් සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුම අදහස් ප්‍රකාශ කර සිටියා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපෙළ ආසන පනවා ඇති ආකාරය සහ මන්ත්‍රිවරයෙකුගේ නමක් සටහන්ව ඇති ආකාරය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මන්ත්‍රිවරුන් කථානායකවරයා වෙත සිය අදහස් ප්‍රකාශ කර සිටියා.

Related posts

පහර දීමකින් රෝහල් ගත කළ තරුණයා රෝහලට ඇවිත් මරා දමයි

Admin

හිටපු පොලිස් නිලධාරියෙක් ගස් බැඳ පහර දී ඝාතනය කරලා

Admin

බැදුම්කර වංචා මුදල්වලින් සිංහල ව්‍යාපාර අත්පත්කර ගැනීමේ වෑයමක් – බොදුබල සේනා හෙළිකරයි

colombotoday

මාතලේ පොළ වසා දමයි

colombotoday

මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ශ්‍රී ලංකාවට තර්ජන

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday