Colombo Today Local News

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ… මත් උවදුරක්නම් 1984 ට කියන්න…

සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලියෙහි සක්‍රිය කොටස්කරුවන් බවට පත් කරන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අදින් ආරම්භ වනවා.

එලෙස ආරම්භ කෙරෙන මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ලබන 28 වන දින දක්වා ක්‍රියාවට නැංවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව එහි සමාරම්භක උත්සවය පෙරවරු 9 ට මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා පිහිටි පාසල් දස දහස තුළම මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය  ක්‍රියාත්මක කෙරෙනු ඇති.  

එහිදී උතුරු ප්‍රදේශයේ පාසල්වල ඉගෙනුම ලබන එක්ලක්ෂ පනස්දහසක් වන සිසු සිසුවියන් උදෑසන ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ ප්‍රතිඥාව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය තුළ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමර තුළදී දරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ද සංවිධානය කර තිබෙනවා.

22 වනදා මවුපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමඟ සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මෙන්ම 23 වැනිදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්වෙනු ඇති.

24 වනදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර, 25 වනදා විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල තුළ හා ඉන් පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචලිත කිරීම මෙන්ම  ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජනවාරි 26 වනදා ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් පැවැත්වීමට මෙහි දී කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම ජනවාරි 27 වනදා ආගමික ස්ථාන හා දහම් පාසල් මගින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවට නැංවෙනු ඇති.

මීට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබා දීම සඳහා හඳුන්වා දුන් 1984 යන දුරකතන අංකය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ අයෙක් ළිඳට පනී

colombotoday

හිරුණිකාට බරපතළ වැඩ සහිතව වසර 3ක සිර දඬුවම්

Admin

මහින්ද හොඳ නායකයෙක්.. සිරිසේන පක්ෂය විනාශ කළා : හිටපු ජනපතිනිය කියයි

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් කළා – මන්ත්‍රී කාන්චන විජේසේකර

colombotoday

MCC සමාලෝචනය කිරීම් කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

පොඑපෙ ගැබිණි ප්‍රා. මන්ත්‍රීනියකට පහර දුන් සමගි ජන බල වේගයේ ප්‍රා. මන්ත්‍රීනිය අත්අඩංගුවට

colombotoday